ලබන 15 වැනිදායින් පසු එළවලූ මිල කැපී පෙනෙන ලෙස ඉහළ යා හැකි බවට අනාවැකි පළ වනවා.
ඊට හේතු දක්වන හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි කටයුතු පර්යේෂණ හා පුහුණු ආයතනයේ අලෙවි, ආහාර හා කෘෂි ව්‍යාපාර අංශ ප‍්‍රධානී දුමින්ද ප‍්‍රියදර්ශන පෙන්වා දෙන්නේ මේ වන විට වෙළඳපොළට නිකුත් වී ඇති මහ කන්නයේ අස්වැනු තොග සැපයුම 90% පමණ අවසන් වෙමින් පැවතීම ඊට හේතුව බවයි. එළවලු මිල ඉහළ යෑම වෙළඳපොළ තුළ කැපී පෙනෙන ලෙස පෙනෙනු ඇති බවද සඳහන් කළා.
පැවති හිතකර කාලගුණික තත්වයන් නිසා අපේක්ෂා කළාටත් වඩා වැඩි අස්වැන්නක් මහ කන්නයේදී ලැබුණු බවයි වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණේ.