ආණ්ඩුවේ තනතුරු අත්හළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 දෙනාගේ කණ්ඩායමේ වැඩි දෙනෙකු එම තනතුරු වෙනුවෙන් ඔවුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ලැබී තිබූ නිල වාහන තවමත් ආපසු භාරදී නැතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
සුසිල් පේ‍්‍රමජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන හිටපු අමාත්‍යවරුන් පමණක් ඔවුන්ට සහ ඔවුන්ගේ කාර්ය මණ්ඩලයට ලැබී තිබූ සියලූ නිල වාහන ආපසු භාරදී ඇති බවයි ඒ පිළිබඳ කළ සොයා බැලීමකදී හෙළි වුණේ.
එස්. බී. දිසානායක හිටපු අමාත්‍යවරයා වාහන 04කින් 01ක් පමණක් ආපසු භාරදී තිබෙනවා.
මේ අතර නියෝජ්‍ය කථානායක ධුරයේ කටයුතු කළ තිලංග සුමතිපාල ඔහුගේ නිල කාර්යාලය, නිල වාහන සහ නිල කාර්ය මණ්ඩලය දේශපාලන කටයුතු සඳහා යොදාගත් බවට චෝදනා පවතින්නේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. එම්. මරික්කාර් පාර්ලිමේන්තුවේදී අද (11) කියා සිටියා.
කෙසේ වෙතත් කතානායක කරූ ජයසූරිය මහතා පැවසුවේ ඒ සියල්ල මේ වනවිට ආපසු භාරදී ඇති බවයි.
නියෝජ්‍ය කථානායක ධුරයට තැනැත්තෙකු පත්කර නොගන්නේ මන්දැයි ද පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කෙරුණා. මෙම ප්‍රශ්න නැගුයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාරයි.
ඒ, එම ධුරයේ කටයුතු කළ තිලංග සුමතිපාල මේ වනවිට විපක්ෂයේ අසුන්ගෙන ඇති බවද ඒ අනුව එම ධුරය පුප්පාඩු වී ඇතැයිද පෙන්වා දෙමින්.
කෙසේ වෙතත් නියෝජ්‍ය කථානායක ධුරයෙන් ඉවත්වීම සඳහා කෙනෙකු ඉල්ලා අස්වීමේ ලිපිය භාරදිය යුත්තේ ජනාධිපතිවරයාට බවද එහිදී ඇතිවන පුරප්පාඩුව පිළිබඳ ජනාධිපතිවරයා කථානායකවරයාට දැනුම් දිය යුතු බවද ඊට පිළිතුරු දෙමින් කරූ ජයසූරිය මහතා පැවසුවා. එහෙත් එවැනි දැනුම් දීමක් තමන් වෙත තවම ලැබී නොමැති බවයි කථානායකවරයා වැඩිදුරටත් පැවසුවේ.