2017 වර්ෂය සඳහා වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව පාර්ලිමේන්තුවට අද (11) ඉදිරිපත් කෙරුණා. ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක විසින්.
මෙම වාර්තාව රජයේ මුදල් පිළිබඳ කාරක සභාව වෙත ද යොමු කරන ලෙස එහිදී යෝජනාවක් කෙරුණා.
මෙහිදී නැගී සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී, බන්දුල ගුණවර්ධන පැවසුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර මෙම වාර්තාව මුදල් අමාත්‍යවරයා විසින් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් මාධ්‍ය වෙත නිකුත් කර ඇති බවයි.
එහෙත් මුදල් නීති පනතට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව මුලින්ම ඉදිරිපත් කළ යුතුව ඇත්තේ පාර්ලිමේන්තුවට බව ද මන්ත්‍රීවරයා පෙන්වා දුන්නා. ඉදිරියේ දී හෝ ඊට අනුව කටයුතු කරන ලෙයසි මන්ත්‍රීවරයා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියේ.
මෙම කරුණු පිළිබඳ මුදල් අමාත්‍යවරයා දැනුවත් කරන්නැයි කථානායකවරයා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයාට උපදෙස් ලබාදුන්නා.