අනුරාධපුර දේශීය ආදායම් පළාත් කාර්යාලයේ තක්සේරු නිලධාරියකු ලෙස සේවය කරමින් සිටියදී ජනක බණ්ඩාර දසනායක නමැත්තා විසින් ව්‍යාපාරිකයකුට අධිකරණ කටයුත්තක් සඳහා ලිපියක් දීම සඳහා 15000ක මුදලක් ගැනීම සම්බන්ධයෙන් වරද පිළිගනු ලැබූවා. 2004 ජුනි 01දා මොහු අත්අඩංගුවට ගැනුනා.
ඊට දඬුවම් නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරුවරයා, ඔහුට රුපියල් 9000ක දඩයක්, ලබාගත් රුපියල් 15000ක මුදල ආපසු ගෙවීමට සහ වසර 14ක සිරදඬුවමක් නියම කරනු ලැබුවා.
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම නඩුව පවරා තිබුණා.