ශ්‍රි ලංකා ගුවන් හමුදාවට මිග් ගුවන් යානා මිලදී ගැනීමේදී සිදු වී ඇතැයි කියන වංචා සම්බන්ධයෙන් සිදු කරන පරීක්ෂණවලට අදාලව තමාට එරෙහිව අන්තර් ජාතික පොලිසිය හරහා නිකුත් කළ වරෙන්තුව ආපසු කැදවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා රුසියාවේ හිටපු ශ්‍රි ලංකා තානාපති උදයන්ග වීරතුංග ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභා කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) නියෝග කළා.
මෙම පෙත්සම විනිසුරු බුවනෙක අලුවිහාරේ ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවනු ලැබුවා . මෙම පෙත්සම පවත්වා ගෙන යාමට තරම් නීතිමය පදනමක් නොමැති බවට ශ්‍රේෂ්ඨාධිකරණය අවධාරණය කළා.
2016 වසරේ ඔක්තොම්බර් මස 20 දා කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ වරෙන්තුව මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නිකුත් කර ඇති බවත් ඒ තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට ප්‍රකාශයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු අධිකරණයෙන් ඉල්ලා තිබුණා.
තවද තමාට අයත් බැංකු ගිණුම් කිහිපයක් අත් හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව ගෙන ඇති තීරණය අත් හිටුවීමේ නියෝගයක් නිකුත් කරන ලෙසට ද පෙත්සම්කරු ඉල්ලා තිබෙනවා. මෙම පෙත්සම උදයංග වීරතුංග සිය නැන්දණිය මගින් ගොනු කර තිබුණා. තවද පෙත්සමේ වග උත්තරකරුවන්ගේන් රුපියල් මිලියන 100 ක වන්දි මුදලක් ඉන් ඉල්ලා සිටියා .