රුපියල් එක් කෝටි එකොලොස් ලක්ෂ හැට දහසක් (1,11,60,000) වටිනා ඇමෙරිකානු ඩොලර් 72,000 ක් තම ගමන් මලු වල සඟවා ගෙන නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ව්‍යාපාරික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේ දී අද (11) දින උදෑසන රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න පැවසුවා.
මෙසේ රේගු අත් අඩංගුවට පත්ව ඇත්තේ 55 හැවිරිදි කාන්තාවක් සහ 30 පිරිමියෙකි. මොවුන් කොළඹ ප්‍රදේශයේ පදිංචිව සිටින අතර ව්‍යාපාරික කටයුතු වලද නිරත වන්නන් බව රේගුව අනාවරණය කරගෙන තිබෙනවා. මොවුන් දෙදෙනා අක්කා සහ මල්ලී බවද පවසා ඇති බවයි රේගුව පවසන්නේ.