ලබන 17වනදා දීප ව්‍යාප්ත එක් දින වැඩවර්ජනයක් කි‍්‍රයාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා. එහි මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය සමන්ත ආනන්ද පැවසුවේ සිංගප්පූරු වෙළඳ ගිවිසුමට විරෝධය පළ කිරිම ඇතුලූ කරුණු කිහිපයක් මුල් කර ගනිමින් එම වැඩවර්ජනය කි‍්‍රයාත්මක කරන බවයි.