කොළඹ නගරසභා සීමාවේ නවතා තබන රථවාහනවලට දඩ නිකුත් කිරීම මේ වන විට තහනම් කර ඇති බව කොළඹ නගරාධිපති රෝසි සේනානායක පවසනවා.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.
මෙහිදී ඇතිවන ගැටලු ගණනාවක් සම්බන්ධයෙන් ජනතාව විසින් තමාව දැනුවත් කර ඇති බවත් එහි ඇති අසාධාරණය තමාට වැටහෙන බවත් පෙන්වා දුන්නා.
මේ සම්බන්ධයෙන් nethnews.lk විමසා සිටියේ මේ වන විට එවැනි විශාල දඩ මුදල් ගෙවා ඇති අය වෙනුවෙන් යම් සාධාරණයක් කරන්නට පියවරක් ගෙන තිබේදැයි යනුවෙනි.
ඊට පිළිතුරු දෙමින් කොළඹ නගරාධිපති රෝසි සේනානායක සඳහන් කළේ එහි ඇති නීතිමය තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමු කර අවශ්‍ය සුදුසුම ක්‍රියාමාර්ග ගැනීමට නීතිමගින් කටයුතු කරමින් සිටින බවයි.
පසුගිය දිනෙක වැල්ලවත්ත ගාලු පාරේ රථවාහන ගාල් කිරීම සඳහා වෙන් කළ ස්ථානයක සිය මෝටර් රථය ගාල් කර එහි ගාස්තුව ගෙවීමට අමතකව ආපසු පැමිණි දෙහිවල ප්‍රදේශයේ තැනැත්තෙකුට දින 13 කට පසු ප්‍රමාද ගාස්තු ලෙස රුපියල් 10120 ක දඩයක් ගෙවීමට සිදුවීමෙන් ඔහු දැඩි අපහසුතාවට ලක්ව තිබුණා.
පසුව මේ පිළිබඳව සොයා බැලීමේදී පුද්ගලයින් රැසක් මෙවැනි සිද්ධීන් ගණනාවකට මුහුණ දී ඇති බවයි අනාවරණය වුණේ. මෙම යන්ත්‍රයේ ඇති අඩුපාඩු ද ජනතාව පීඩාවට පත් කළ තවත් හේතුවක් වුණා.
ඒ සියල්ල සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇති බවයි කොළඹ නගරාධිපති රෝසි සේනානායක සඳහන් කළේ. මෙම යන්ත්‍රය සම්බන්ධයෙන්ද ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් පෙන්වා දුන්නා.