රජය ඉන්ධන මිල වැඩි කළද මාසිකව ඛනිජතෙල් සංස්ථාවට රුපියල් මිලියන 7300කට අධික පාඩුවක් සිදුවන බව ඛනිජතෙල් වෘත්තීය සමිති පවසනවා.
ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ලේකම් ඞී. ජේ. රාජකරුණා පැවසුවේ රජය තෙල් සංස්ථාවේ පාඩුව පෙන්වා මිල වැඩි කළද එමගින් සංස්ථාවට අත් වූ යහපතක් නොවන බවයි.
එහිදී ඔහු වැඩි දුරටත් සඳහන් කළේ "ලෙඩාගේ ලෙඩේ හොඳ කරන්න කියලා සල්ලි එකතු කරගෙන.. පස්සේ ලෙඩා මැරෙන්න ඇරලා සල්ලි ටික සාක්කුවේ දාගත්තා වගේ වැඩක් තමයි ආණ්ඩුව කරන්නේ. ඛණිජ තෙල් මිල වැඩි කරන්න ප්‍රධාන හේතු විදිහට ආණ්ඩුව කිව්වේ ලෝක වෙළඳපොලේ තෙල් මිල වැඩි වීම සහ රුපියලේ අගය කඩාවැටීම හින්දා වෙන පාඩුව පියව ගන්න කියලා. හැබැයි එම පාඩුව සිද්ධ වෙන්නේ තෙල් විකුණන ආයතනයට. තෙල් විකුණන්නේ ඛණිජ තෙල් නීතිගත සංස්ථාව. ඒක රජයට වෙන පාඩුවක් නෙමෙයි. ඛණිජ තෙල් සංස්ථාව රජයට සහනාධාර වශයෙන් දීපු භූමිතෙල් සහනාධාර, විදුලි බලයට ආදී දීපු ඉන්ධන වෙනුවෙන් කිසිඳු ගෙවීමක් කරලා නෑ. ඒ හින්දා තෙල් සංස්ථාවට තමයි පාඩුව දිගින් දිගටම සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවෙත් වුණෙත් තෙල් සංස්ථාවේ පාඩුව පෙන්නලා රජය මුදල් උපයා ගැනීමක්." යනුවෙනි.
ඉන්ධන මිල ඉහළ දමන අවස්ථාවේදී ඉන්ධන සඳහා අය කළ බදු ඉහළ දමා ඇති බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.