Monday, December 23, 2024

General line - 0115112241

නිරිත දිග කොටසේ වැස්ස වැඩි වෙයි




දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයේ වැඩිවීමක් අද (20) දිනයේ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඇතැම් ප‍්‍රදේශවලට මිලිමීටර් 150 ඉක්මවූ වැසි ද ඇතිවිය හැකි බවයි මෙහිදී ප‍්‍රකාශ කෙරුණේ. 

පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින්විට ඉහළ යා හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. 

මේ අතර අකුණු සැර වැදීම හේතුවෙන් වැලිකන්ද මගුල් පොකුණ ප‍්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. මෙලෙස මියගොස් ඇත්තේ 17 හැවිරිදි සහ 36 හැවිරිදි ඥාතී සොහොයුරන් දෙදෙනෙක්. කුඹුරු වැඩ කරමින් සිටියදී ඔවුන් දෙදෙනා මෙම අනතුරට මුහුණ පා ඇති බවයි පොලීසිය පැවසුවේ.