2019 වසරේ ඉතිහාසයේ වැඩිම ණය වාරිකය වන අමරිකානු ඩොලර් මිලියන 4285ක් ගෙවීමට ආණ්ඩුවට සිදුව ඇතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර පවසනවා. මේ වසරේ ගෙවීමට ඇති විදෙස් ණය ප‍්‍රමාණය අමෙරිකානු ඩොලර් මිලියන 2845ක්. ඉන් ඩොලර් මිලියන 1789ක් 2015 වසරට පෙර ලබාගත් ණය වාරිකයන් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඒ අනුව බලන කල ණය වාරික වලින් 63% ක්ම ගෙවීමට ඇත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා ලෙස කටයුතු කළ සමයේ ගත් ණය සදහා බවද ප‍්‍රකාශ කෙරුණා.
මෙවැනි පසුබිමක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යලිත් වරක් රට විපත් මගකට ඇද දැමීමේ උත්සාහයක නිරතවන බවයි මංගල සමරවීර අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.