Monday, December 23, 2024

General line - 0115112241

16 දෙනාගේ කණ්ඩායම ලියවිල්ලක් සකස් කරයි

හේමන්ත කහවලගේ




ආණ්ඩුවෙන් ඉවත් වූ ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂයේ 16යේ කණ්ඩායම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයක් සකස් කර තිබෙනවා.

ඒ, සිය කණ්ඩායමේ ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධයෙන් තොරතුරු ඇතුළත් කරමින්.

ඊට සුසිල් පේ‍්‍රමජයන්ත්, අනුර ප‍්‍රියදර්ශණ යාපා සහ තිලංග සුමතිපාල යන මන්ත‍්‍රිවරුන් මූලිකත්වය ගෙන තිබෙනවා.  

තම කණ්ඩායම ආණ්ඩුවෙන් ඉවත් වීමට බලපෑ හේතු පිළිබද ජනතාව දැනුවත් කිරීමටයි 16 දෙනාගේ කණ්ඩායම තීරණය කර ඇත්තේ. එහි පළමු අදියර ලබන 26 වැනිදා මාතලෙන් ආරම්භ වනවා.