දකුණු පළාතේ පාසල් දරුවන් වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව සෙම්ප‍්‍රතිශ්‍යාව, කැස්ස, උණ ඇත්නම් පාසල් එවීමෙන් වළකින ලෙයසි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ට දැනුම් දෙන්නේ.
දැනට පැතිර යන වෛරස් රෝගී තත්ත්වය පාලනය කිරිම මෙහි ප‍්‍රමුඛ අරමුණක්. අසනීප තත්ත්වයෙන් පසුවන දරුවෙකු පාසලට පැමිණිය හොත් දෙමාපියන් මාර්ගයෙන් යළි එම දරුවන් නිවෙස් වෙතට යවන ලෙස විදුහල්පතිවරුන්ටද දැනුම් දීමක් කර තිබෙනවා.
තවදුරටත් අවදානම් තත්ත්වයක් තිබේ නම් සෞඛ්‍ය නිර්දේශ ලද වහාම ඒ සඳහා කටයුතු කිරිමට සූදානම් බවයි දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසන්නේ. එහෙත් පාසල් වැසීම සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බවද ප‍්‍රකාශ කෙරුණා.
දකුණේ පැතිරයන වෛරස් උණ හේතුවෙන් ඉකුත් මාසයක කාලය තුළ පමණක් කරාපිටිය ශික්ෂණ රෝහලේ ප‍්‍රතිකාර ලැබූ දරුවන් 07 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් සැලකිය යුතු පිරිසක් රෝහල්ගතව ප‍්‍රතිකාර ලබන බවයි එම රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පැවසුවේ.
කරාපිටිය රෝහලට අමතරව මාතර මහ රෝහල, ඇල්පිටිය, කඹුරුපිටිය, තංගල්ල හා වලස්මුල්ල යන රෝහල්වලින්ද රෝගීන් වාර්තා වනවා. මෙම වෛරස් උණ තත්ත්වය දකුණු පළාතේ පැතිර යන්නේ අපේ‍්‍රල් මාසයේ සිට බවද වැඩිදුරටත් ප‍්‍රකාශ කෙරුණා.