පවතින වැසි සහිත කාළගුණ තත්ත්වය සහ ආපදා තත්ත්වය හේතුවෙන් පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳව තීරණය කිරීමේ බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්යක්ෂවරුන් වෙත ලබා දීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් තීරණය කර තිබෙනවා.
ආපදා තත්ත්වය හේතුවෙන් මේ වන විට දිවයිනේ ප්‍රදේශ කිහිපයක පාසල් පැවැත්වීමේ කටයුතු සඳහා බාධා මතුව ඇති බවට වාර්තා වී ඇති අතර දරුවන්ගේ ආරක්ෂාව වෙනුවෙන් කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාව මත තමන් මෙම බලය පළාත් සහ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට ලබා දීමට තීරණය කළ බවයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දෙන්නේ.
ආපදාවට ලක්වූ ප්‍රදේශවල පාසැල්වල විදුහල්පතිවරුන්ට පාසලේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් පළාත් හෝ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ට දැනුම් දීමෙන් අනතුරුව තීරණයක් ගැනීමේ අවස්ථාව මේ අනුව උදා වනවා.