Monday, December 23, 2024

General line - 0115112241

පොහොර සහනාධාරය දෙන ක්‍රමය යළි වෙනස් කරයි

සජිත් තිලකරත්න




ලබන මහ කන්නයේ සිට ගොවීන්ට පොහොර සහනාධාරය ලබා දෙන ක‍්‍රමය යළි වෙනස් කිරීමට අවදානය යොමුව ඇතැයි නෙත් නිවුස් වෙත වාර්තා වුණා.

ඒ අනුව මීට පෙර අනුගමනය කළා මෙන් පොහොර වෙනුවට ගොවීන්ට යළි මුදල් ලබා දෙනු ඇති. 

පළමුව කි‍්‍රයාත්මක වූයේ ගොවීන්ට සහන මිලට පොහොර ලබා දීමයි. පසුව පොහොර වෙනුවට මුදල් ලබා දීමට තීරණය කෙරුණා. එහෙත්, මුදල් වෙනුවට යළි පොහොර ලබා දීමට ඉකුත් දා තීරණය කළා.

කෙසේවෙතත් එම ක‍්‍රමවේදය යටතේ පොහොර ලබා දීමේදී අක‍්‍රමිකතා සිදුවන බවට ලද තොරතුරු මතයි ගොවීන්ට යළි මුදල් ලබා දීමට තීරණය කර ඇත්තේ. 

වී ගොවීන් සඳහා දැනට යූරියා, එම්.  ඕ. පී. සහ ටී. එස්. පී. යන පොහොර ලබා දෙන්නේ රුපියල් පන්සියයක සහන මිලකටයි. සෙසු ගොවීන්ට එම පොහොර රුපියල් එක් දහස් පන්සියයක සහන මිලකට ලබා දෙනවා. එහෙත්, එකම ස්ථානයකින් පොහොර මිල ගණන් දෙකකට නිකුත් කිරිමෙන් අක‍්‍රමිකතා සිදුවන බවටයි තොරතුරු හෙළි කර ගෙන ඇත්තේ. නව තීරණයට අනුව සෑම පොහොර මිටියක්ම රුපියල් එක් දහස් පන්සියයකට අලෙවි කිරිමට පොහොර ලේකම් කාර්යාලයේ අවදානය යොමුව තිබෙනවා.

නෙත් නිවුස් කළ විමසීමකදී එහි ජ්‍යෙෂ්ඨ ප‍්‍රකාශකයෙකු සඳහන් කළේ  ඕනෑම පොහොර වර්ගයක් ගොවීන්ට වෙළඳපලෙන් මිලදී ගැනීමට ඉඩ සලසන බවයි. පසුව එලෙස ලබා ගන්නා වී ගොවීන්ගේ ගිණුමට රුපියල් දහසක මුදලක් බැර කිරීමටයි පොහොර ලේකම් කාර්යාලයේ අවදානය යොමුව ඇත්තේ. ඒ අනුව වී ගොවීන්ට පොහොර සඳහා වැය වන්නේ රුපියල් පන්සියයක් පමණයි. මීට පෙර පොහොර වෙනුවට මුදල් ගෙවූ අවස්ථාවේ ලබා ගත් ගොවීන්ගේ දත්ත මත මෙම මුදල් ගෙවීම සිදු කිරීමටයි  පොහොර ලේකම් කාර්යාලයේ අවදානය යොමුව ඇත්තේ.