දකුණු පළාතේ පැතිර යන උණ රෝගයට වෛරස් තත්ත්ව කිහිපයක් බලපා ඇතැයි අනාවරණ වී තිබෙනවා.
මීට පෙර වාර්තා පළ වී තිබුණේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් රෝගය පැතිර යන බවයි.
එහෙත් එම වෛරසයට අමතරව ඇඩිනෝ වෛරසය සහ තවත් වෛරස කිහිපයක් හේතුවෙන් රෝගය පැතිරයන බව පරික්ෂණවලදී අනාවරණ කරගෙන තිබෙනවා.
කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්‍ෂ වෛද්‍ය ජයම්පති සේනානායක පැවසුවේ රෝගයට ගොදුරු වී ජීවිතක්ෂයට පත්වූ දරුවන්ගේ රුධීර සාම්පල් පරික්ෂණ සඳහා වෛද්‍ය පරික්ෂණ ආයතනය වෙත යොමු කර ඇති බවයි.
කරාපිටිය රෝහලේ පමණක් මේ වනවිට ප‍්‍රතිකාර ලබන දරුවන් සංඛ්‍යාව 37දෙනෙක්. ඒ අතරට අවුරුදු 02ට වඩා අඩු දරුවන් 27 දෙනෙකුද සිටිනවා. ඔවුන්ද ඇතුළුව ප‍්‍රතිකාර ලබන 27 දෙනෙකුටම වැළඳී ඇත්තේ ඉන්ෆ්ලූවෙන්සා වෛරසය හේතුවෙන් හට ගත උණ රෝගයයි.