Monday, December 23, 2024

General line - 0115112241

නීති සතිය අදින් ඇරඹේ

ඩිල්ෂාන් මඩවල




නීති සතිය අදින් ආරම්භ වනවා.

අද (21) සිට එහි කටයුතු සිදුවන ආකාරය පිළිබඳ පැහැදිළි කරමින් ශී‍්‍ර ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතීඥ යූ. ආර්. ද සිල්වා නෙත් නිවුස් වෙත කියා සිටියේ නීති සතියට සමගාමිව පාසල් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහන් හා ග්‍රාම සේවා නිළධාරින් දැනුවත් කිරීම් සිදුකරන බවයි.

ඊට අමතරව මහව සහ මොණරාගල ප්‍රදේශවල පාසල් දරුවන් අතර විවාද තරගයක්ද පැවැත්වීමට කටයුතු යොදා ඇති බවයි පෙන්වා දුන්නේ.

011 3 133 864 සහ 011 3 133 872 යන දුරකථන අංකවලින් නීති ගැටලූ සඳහා නොමිලේ විසඳුම් ලබා ගත හැකි ආකාරය පිළිබඳ තොරතුරු දැන ගත හැකි බවයි මෙහිදී වැඩි දුරටත් ප‍්‍රකාශ කෙරුණේ.