Monday, December 23, 2024

General line - 0115112241

මිලියන 50 ක් වටිනා කොකේන් "උදරයෙන්" මතුවෙයි

දිනුක් හේවාවිතාරණ - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




බ්‍රසීලයේ සිට පැමිණි කාන්තාවකගේ උදරයේ තිබී කොකේන් මත්ද්‍රවය අඩංගු කැප්සුල 106 ක් සොයා ගැනීමට හැකිවූ බව ඉන්දියානු බලධාරීන් සදහන් කරනවා.

පසුගිය 14 වෙනිදා ඉන්දියාවේ, නව දිල්ලි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම 25 හැවිරිදි තරුණියව සතියකට ආසන්න කාලයක් රෝහල් ගත කර සිටි අතර බඩවිරේක කිරිමෙන් ඇයගේ උදරයේ තිබු මෙම කොකේන් අඩංගු කැප්සුල සියල්ලම ආරක්ෂාකාරීව ඉවතට ගැනීමට හැකිවූ බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ.

ඉන්දීය මත්ද්‍රවය කාර්යාංශ නිළධාරින් සැකකරන්නේ මෙම කොකේන් මත්ද්‍රවය ඉන්දියාවේ සිටින නයිජිරියානි ජාතිකයෙක්ට ලබා දීමට රැගෙන එන්නට ඇති බවයි.

මේ දක්වා පුදගලයෙකුගේ ශරිරයේ තිබී සොයා ගන්නා ලද වැඩිම මත්ද්‍රවය කැප්සුල ප්‍රමාණයද මෙය වන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කර සිටියේ.

සොයා ගනු ලැබූ මුළු මත්ද්‍රවය තොගයේ වටිනා කම ඉන්දීය රුපියල් මිලියන 50 ක් වනවා.