මහවැසි සහ තද සුළං සමග ඇතැම් ප්‍රදේශ වල විදුලි බිදවැටීම්ද සිදුව තිබෙනවා. පැය ගනනාවක් තිස්සේ අදුරේ සිටීමට සිදුව ඇති බවයි නෙත් නිවුස් වෙත කතාකළ ඇතැම් අය කියා සිටියේ. නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයෙන් විමසීමක් කළා.
එහි සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ බලපෑ අයහපත් කාලගුණය හේතුවෙන් දෙණියාය, කඹුරුපිටිය, ඌරුබොක්ක, අගලවත්ත, හොරණ සහ කෑගල්ල ප්‍රදේශවල යම් ස්ථානවල විදුලි සැපයූම අඩාල වූ බවයි. ඊට අමතරව නායයාමේ අවධානම් සහිත ස්ථානවල විදුලි සැපයුම විසන්ධි කිරීමට කටයුතු කල බවත් එලෙස කිරීමට හේතු වුයේ මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් බවයි.
සිදුව ඇති විදුලි බිදවැටීම් කඩිනමින් යතාවත් කිරීමට කටයුතු කරන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.