මේ දිනවල ඇදහැලෙන අධික වර්ෂාවත් සමග මිනිසුන් මෙන්ම සතුන්ද පීඩාවට පත්වෙලා.
හදිසි ආපදා තත්ත්වයන් හමුවේ මහජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යොමු කරන්න බළධාරින් විසින් පියවර ගනු ලැබුවත් අහිංසක සතුන් පිඩාවට පත්ව අසරණ වෙන අයුරු අපිට ඕන තරම් පසුගිය කාලයේදී සිදුවූ ආපදා තත්ත්වයන් වලදි දකින්න පුළුවන් වුනා.
නාරම්මල, පන්සල්වත්ත ප්රදේශයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වයක් හේතුවෙන් සැඩපහරට ගසාගෙන යමින් සිටිය සුනඛයෙකු ගේ ජිවිතය බේරා ගැනිමට තරුණයින් තිදෙනෙක්ට හැකි වුනා.
එම සුනඛයා බේරා නොගත්තා නම් ඉන් මදක් ඔබ්බෙන් පිහිටි "පන්සල් ඔයට" බිලි වෙන්න ඉඩ තිබුනු බවයි ඔවුන් කියා සිටියේ.
කෙසේ වුවත් හදිසි අනතුරක් සිදුවු විට එහි ඡායාරූප හා විඩීයෝ ගැනිමට උත්සහා කරමින් සිටින සමාජයක මේ ක්රියාව සිදුකල විනුක රාජපක්ෂ, චමත් සකුන්ත සහ දිලුම් සියීඩ් ලබාදුන් පණිවිඩය නම් මිලකල නොහැකියි.
(වීඩියෝව පහතින් දැක්වෙයි. ඒ සඳහා කෙටි වේලාවක් රැඳී සිටින්න)