Sunday, May 5, 2024

General line - 0115112241

"තිබුණු පාලමත් නෑ..අලුත් පාලමත් නෑ"

ඩිල්ෂාන් මඩවල




ආරම්භ කළ සංවර්ධන කටයුත්තක් අවසන් නොකිරීම හේතුවෙන් කෑගල්ල -  පිංදෙණිය, බටුපිටිය ප‍්‍රදේශයේ පිරිසක් ආපදා අවධානමකට ලක්ව සිටිනවා.

ඇළක් හරහා එතෙක් පැවැති පටු පාලම ඉවත්කර නව පාලමක් ඉදිකිරීමටයි මෙම සංවර්ධන කටයුත්ත සැලසුම්කර ඇත්තේ.

එහෙත් එය අවසන් කර නොතිබීම නිසා ආශ‍්‍රිත ප‍්‍රදේශයේ නාය යාමේ ලක්ෂණ මතුවී ඇතැයි පීඩාවට පත් ප‍්‍රදේශවාසීන් කියා සිටියා. 

මතුව ඇති මෙම අවධානම පිළිබද දැන්වත් සංවේදී වන ලෙස පීඩාවට පත් ප‍්‍රදේශවාසීන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා.