Saturday, May 4, 2024

General line - 0115112241

අයහපත් කාලගුණික තත්ත්වය නිසා පීඩාවට පත් පාසල් දරුවන්ට කඩිනමින් සහන සැලසීමට අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් උපදෙස්




දැනට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන්, පීඩාවට පත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නැවත යථාතත්වයට පත්කරගැනීම වෙනුවෙන් කඩිනමින් සහන සැලසීමට කටයුතු කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා.

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් සිසු දරුවන්ගේ පාසල් නිල ඇඳුම්, පෙළ පොත් සහ පාඩම් සටහන් ආදිය විනාශ වී හෝ හානියට පත් වී ඇත්නම් ඒ පිළිබඳ තොරතුරු අධ්‍යාපන අමාත්‍යාංශයේ හදිසි දුරකථන අංකය වන 1988 ට දැනුම් දිය හැකියි. එම තොරතුරු අනුව අදාළ අවශ්‍යතා කඩිනමින් සපයාදීමට අවශ්‍ය පහසුකම් සලසන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව එළඹෙන අගෝස්තු මස පැවැත්වෙන අ.පො.ස.(උ.පෙළ) හා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින, අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පීඩාවට පත් වූ සිසු දරුවන්ගේ විනාශ වූ හෝ හානියට පත් පෙළ පොත් සහ පාඩම් සටහන්  කඩිනමින් සපයාදීමට විශේෂ අවධානය යොමු කරන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නා.