Saturday, May 4, 2024

General line - 0115112241

විරෝදාර සෙබලුන් විකුණා ගෙන කන්න එපා - ඇමැති අර්ජුන කියයි

දිනුක් හේවාවිතාරණ




“අද අපි වගේම අපේ දරුවනුත් නිදහසේ ඉන්නේ අපේ රටේ වීරෝදාර සෙබලුන් කළ වීර ක්‍රියාව නිසා. ඒ නිසා මම පක්ෂ විපක්ෂ සියලුම දේශපාලනඥයින්ගෙන් ඉල්ලා සිටිනවා අපේ රටේ වීරෝදාර සෙබලුන් විකුණාගෙන කන්න එපා කියලා. එම ඉල්ලීම මම මාධ්‍යයෙනුත් කරනවා. ඒ වගේම මම රණවිරුවන්ගෙනුත් ඉතාමත් කාරුණිකව ඉල්ලා සිටිනවා දේශපාලනඥයින්ට පාවිච්චි වෙන්න ඉඩ දෙන්න එපා කියා තමන් ඉල්ලා සිටින බව අමාත්‍ය අර්ජුන රණතුංග කියා සිටිනවා. ඇමතිවරයා මේ බව කියා සිටියේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ යාවත්කාලීන කළ නව වෙබ් අඩවිය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. 

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමතිවරයා " අපි හැමෝම පක්ෂ විපක්ෂ භේදයෙන් තොරව රණවිරුන්ට ගරු කරන්න ඕන. සාපේක්ෂව ගත්විට වත්මන් ආණ්ඩුව රණවිරුන්ට උපරිම ලෙස සලකා තිබෙනවා. අපිට අමතක නැහැ පසුගිය ආණ්ඩුව අපේ රණවිරුන්ට සැලකූ හැටි. කාණු සුද්ධ කරන්න දුන්නේ. එහෙම රණවිරුවන්ට සලකපු ආණ්ඩුවක් එදා තිබුණේ. අද ඒ සියල්ල වෙනස් වෙලා. අද රණවිරුන්ට ඉහළම ගෞරවය මේ ආණ්ඩුව ලබා දී තිබෙන බව" ඔහු අවධාරණය කර සිටියා.