Saturday, May 4, 2024

General line - 0115112241

නිල්වලා ගඟ පිටාර ගලයි: කිඹුල් බියෙන් ජනතාව අසරණයි (PHOTOS)

මාතර - ටි.කේ. මහින්ද




මාතර නිල්වලා ගඟ පිටාර ගැලීම නිසා අකුරැස්ස අවට ප්‍රදේශ කිහිපයක්ම තවමත් ජලයෙන් යටවී ඇත.කොඩිගහ කන්ද,අතුරලිය,බලකාවල,යන ප්‍රදේශවල අද (22) පස්වරුව වන විටත් අඩි 4 ක පමණ පල මට්ටමක් යටවී ඇත.මේ හේතුවෙන් එම ප්‍රදේශවල ජනතාව පීඩාවට පත්ව තිබෙනවා. 

මේ අතර එම ප්‍රදේශවල කිඹුලන් වැඩිම ප්‍රමාණයක් ගැවසෙන බැවින් ඔහුන් බියට පත්ව තිබෙනවා. ඊයේ (21) උදෑසන කිඹුලන් ගොඩබිමේ සැරිසරන ආකාරය ප්‍රදේශවාසීන් දැක තිබේ.මේ හේතුවෙන් ජලයෙන් යටවූ ප්‍රදේශවල ජනතාව ගමන් කිරීමට පවා බියට පත්ව තිබෙනවා.