Saturday, May 4, 2024

General line - 0115112241

ගිනිගත්හේනේ ව්‍යාපාරික ස්ථාන 52ක් නායයාමේ අවධානමක

හැටන් - රංජිත් රාජපක්ෂ




ගිනිගත්හේන පොලීසිය ඉදිරිපිට පිහිටි ව්‍යාපාරික ස්ථාන 52 ක් නායයාමේ අවධානමකට ලක්ව තිබෙනවා. වෙළද සැල්වල බිත්ති ඉරිතලා පුපුරාගොස් ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළේ.

තලවකැලේ ළිදුල රෝහල අසල නිවාස පෙළක් ගිලාබැස තිබෙනවා. ඒ හේතුවෙන් හානියට පත්ව ඇති නිවාස සංඛ්‍යාව 4 ක්. තවත් නිවාස 6 ක් ගිලා බැසීමේ අවධානමේ පසුවන බවයි තලවකැලේ ළිදුල නගර සභාව පවසන්නේ. මධ්‍යම කදුකරයේ බටහිර බෑවුම් ප‍්‍රදේශවලට මේ දිනවල පවතින අධික වැසි මෙම තත්ත්වයට හේතුවයි. 

මේ අතර පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ලබන බ‍්‍රහස්පතින්දා සහ සිකුරාදා නුවරඑළිය දිස්ති‍්‍රක්කයේ පැවැත්වීමට නියමිතව තිබූ වතු පාසල් විදුහල්පති වැඩමුළුව කල් දැමීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළා.

සබැදි පුවත් කාලගුණයෙන් හදිසි නිවේදනයක් (UPDATE)