කැළණිවැලි දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු යළි යථාතත්ත්වයට පත් කර තිබෙනවා.
ඒ, පීලි පැන තිබූ දුම්රිය මැදිරි 3 යළි පීලිගත කිරීමත් සමගයි.
මැදිරි දෙකක්ම ඊයේ (22) රාති‍්‍රයේ පීලිගත කෙරුණා. කොට්ටාව සහ හෝමාගම අතර දී මෙම දුම්රිය මැදිරි තුන පීලි පැන තිබූ බවයි දුම්රිය පාලක මැදිරිය පැවසුවේ.
මේ අතර පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවනයටද තවදුරටත් බාධා එල්ල වී ඇතැයි සදහන්. ඒ නාත්තන්ඩිය හා තුම්මෝදර දුම්රිය ස්ථාන අතර මාර්ගය ජලයෙන් යටවීම හේතුවෙන්.
---------------------------------------
පුත්තලම මාර්ගයේ සහ කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනයට තවමත් බාධා (PHOTOS) (UPDATE)
(23-05-2018 05:32)
පුත්තලම දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු අද (23) දින සිදු වන්නේද කොටුව - ලුණුවිල දුම්රිය ස්ථාන අතර පමණක් බව දුම්රිය පාලක මැදිරිය සඳහන් කරනවා.
නාත්තන්ඩිය - තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගය හැමිල්ටන් ඇළ පිටාර ගැලීම හේතුවෙන් ජලයෙන් යටවී තිබීම ඊට හේතුවයි.
ඒ අනුව ලුණුවිල දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන කාර්යාල දුම්රියන් සාමාන්‍ය වේලාවට කොටුව දුම්රිය ස්ථානයට ළඟා වීමට නියමිත බවද, කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ වන දුම්රිය ලුණුවිල දුම්රිය ස්ථානයෙන් ගමන් අවසන් කරන බවද දුම්රිය පාලක මැදිරිය වැඩිදුරටත් සඳහන් කළා.
මේ අතර කොට්ටාව සහ හෝමාගම අතර දී දුම්රියක් පීලි පැනීමෙන් කැළණිවැලි මාර්ගයේ ධාවනයට බාධා එල්ල වුණා. දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ මෙහිදී මැදිරි 3 ක් පිළිපැන ඇති බවයි. මේ දක්වා එක් මැදිරියක් පීලිගත කිරීමට හැකි වී නැහැ. ඒ අනුව කැළණිවැලි මාර්ගයේ දුම්රිය ධාවනය තවදුරටත් සිදුවන්නේ මහරගම සිට කොළඹ කොටුව දක්වා පමණයි. අද උදෑසන දුම්රිය 4 ක් මෙම මාර්ගයේ ධාවනය කිරීමටයි නියමිතව ඇත්තේ.
(නාත්තන්ඩිය - තුම්මෝදර දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට හැමිල්ටන් ඇළ පිටාර ගැලීමට අදාළ ඡායාරූප පහතින් දැක්වෙයි)