බස් ගාස්තු වැඩිවීමත් සමග ලංගම මාසික වාර ප්‍රවේශපත්‍ර ගාස්තු ද ඉහළ දමා තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් පැහැදිලි කළ එහි ධාවන අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී පී. එච්. ආර්. ඞී. චන්ද්‍රසිරි පෙන්වා දුන්නේ "තනි ගමනක වටිනාකම පදනම් කරගෙන තමයි වාර ප්‍රවේශ පත්‍රයක මාසික ගාස්තුව සකස් වෙන්නේ. ඒක තමයි මේ නව සංශෝධනයත් එක්ක වැඩි වෙලා තියෙන්නේ. හැබැයි විශ්ව විද්‍යාල, කාර්මික විද්‍යාල සහ වැඩිහිටි ආදී වට්ටම් ලැබෙන අවස්ථා තියෙනවා. එහිදීත් වට්ටම් ප්‍රමාණයේ රුපියල් ප්‍රමාණය වැඩි වෙලා තියෙනවා." යනුවෙනි.
ලංගම මෙන්ම පෞද්ගලික බස් ගාස්තුද අද (23) සිට සියයට 12.5 කින් වැඩිකර තිබෙනවා. මේ අතර අධිවේගී මාර්ගවල බස් ගාස්තුද අද සිට ඉහළ යනවා.