Monday, December 23, 2024

General line - 0115112241

නායයෑමේ අවදානමක් හේතුවෙන් තලවකැලේ පවුල් 33 ක් ඉවත් කෙරේ.

රංජිත් රාජපක්ෂ - හැටන්




නායයෑමේ දැඩි අවදානමක් හේතුවෙන් තලවකැලේ ඩෙරික්ලෙයාර් වතුයායේ පවුල් 33 ක් ආරක්‍ෂිත ස්ථාන කරා යොමුකර තිබෙනවා. ඇදහැලෙන අධික වර්ෂාවත් සමග ඊයේ දිනයේදී නිවාස 3 ක් ගිලා බැසීමට ලක් වුණු අතර තවත් නිවාස 4 ක් ගිලා බැසීමේ අවදානමක පවතිනවා.

ඒ අනුව වහාම කි‍්‍රයාත්මක වන පරිදි අදාල ප්‍රදේශයේ පිහිටි නිවාස 25 කට අයත් පුද්ගලයින් සියයකට වැඩි පිරිසක් ද ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කර තිබෙනවා. නායයෑමේ අවදානමට ලක්ව ඇති වතු නිවාසවලට හා ප‍්‍රධාන මාර්ගයට ඉහළින් බදුල්ල - කොළඹ දුම්රිය මාර්ගයද පිහිටා තිබෙන බවයි නෙත් නිවුස් වාර්තාකරුවන් පැවසුවේ.