ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජූනි මස 8 වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (23) නියම කර තිබෙනවා. මෙම පෙත්සම ගොණුකර ඇත්තේ තමාව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලමින්.
එය අද (23) කැදවු අවස්ථාවේ විනිසුරු මුර්දු ප්‍රනාන්දු පැවසුවේ පුද්ගලික හේතුවක් මත පෙත්සම් විභාගයෙන් වැළකී සිටින බවයි.
ගාලූ වරායේ පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන් තමා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවයි පෙත්සමෙන් දක්වා ඇත්තේ. පුපුරණ ද්‍රව්‍ය හා ගිනි අවි ආඥා පනත යටතේ තමන්ව රිමාන්ඞ් භාරයට පත් කිරීමේ සුදානමක් ඇති බවද පෙත්සම්කරු පවසනවා.