ඉන්දියානුවන් 03 දෙනකු සමග නිදන් හෑරූ ලාංකිකයින් 04ක් කිලිනොච්චියේ ධර්මපුරම් පොලිස් වසමේ රාමනාදන්පුරම්හිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම ඉන්දියානුවන් තිදෙනා වීසා නොමැතිව මෙරට අනවසරයෙන් රැඳී සිටින්නන් බවයි මූලික පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත්තේ.
ලාංකිකයින් තිදෙනා ඇඹිළිපිටිය, අම්බලන්ගොඩ, මිනුවන්ගොඩ සහ හෝකන්දර ප්රදේශයන්හි පදිංචිකරුවන් වනවා. මොවුන් සතුව තිබූ පූජා භාණ්ඩද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා කිලිනොච්චිය මහේස්ත්රාත් අධිකරණයට අද (25) ඉදිරිපත් කිරීමට නියමිතය.