දකුණු පළාතේ පැතිර යන උණ රෝගී තත්ත්වය සැලකිල්ලට ගෙන ලබන 04 වනදා දක්වා එම පළාතේ උපකාරක පංති සහ දහම් පාසල් නොපවත්වන ලෙස පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රාසපුත‍්‍ර ඉල්ලීමක් කර තිබෙනවා.
පැතිර යන උණ රෝගය හේතුවෙන් දකුණු පළාතේ අධ්‍යාපන කලාප 8 ක ප‍්‍රාථමික අංශ දින කිහිපයකට වසා දැමීමට මීට පෙර තීරණය කෙරුණා. ඉහළ ශ්‍රේණිවල සිසුන්ට ද අදාළ රෝග ලක්‍ෂණ පවතී නම් ඔවුන් දෙමව්පියන් වෙත භාර දෙන ලෙස විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇති බවයි වැඩිදුරටත් වාර්තා වුණේ. දකුණු පළාත් අධ්‍යාපන ලේකම්වරයාගේ අත්සනින් දකුණු පළාතේ පාසල්වල විදුහල්පතිවරුන්ට ඊට අදාළ චක‍්‍රලේඛයක්ද යොමුකර ඇතැයි සදහන්.