Tuesday, December 24, 2024

General line - 0115112241

පාර්ලිමේන්තුව ජලයෙන් යටවෙයිද? වගකීම ආයතන දෙකකට පැවරෙයි

හේමන්ත කහවලගේ/ සමන්ත කුමාර




පවතින වැසි හේතුවෙන් පාර්ලිමේන්තු සංකිර්ණය ජලයෙන් යටවුවහොත් ගතයුතු කි‍්‍රයාමාර්ග පිළිබඳ බලධාරීන්ගේ අවධානය යොමුව තිබෙනවා. ඒ අනුව දියවන්නා ඔයේ ජල මට්ටම නිරීක්ෂණය කිරීම සඳහා නාගරික සංවර්ධන අධිකාරියට සහ නාවික හමුදාවට පවරා ඇති බවයි වාර්තාවන්නේ.

මෙතෙක් පාර්ලිිමේන්තු සංකීර්ණය ජලයෙන් යටවීමේ අවදානමක් මතුව නැහැ. කෙසේවෙතත් ඉදිරියේදි  තවදුරටත් වැසි ඇද හැලූනහොත් ඇතිවිය හැකි තත්ත්වයන්ට මුහුණ දීමේ පෙර සූදානමක් ලෙයසි මෙය කි‍්‍රයාත්මක කර ඇත්තේ.