Sunday, May 5, 2024

General line - 0115112241

බ්‍රිතාන්‍ය කවුන්සිලයෙන් සම්මාන ලැබූ ශ්‍රී ලංකාවේ සාගර ජීව විද්‍යාඥවරිය (PHOTOS/ VIDEO)

දිනුක් හේවාවිතාරණ




නිල් තල්මසුන් පිලිබදව පර්යේෂණ හා වාර්තා වැඩසටහන් සිදුකරනු ලබන සාගර ජීව විද්‍යාඥවරියක් වන අශා ඩී වොස් හට බ්‍රිතාන්‍ය මහකොමසාරිස් කාර්යාලයෙන් සම්මානයක් හිමිවී තිබෙනවා. 

බ්‍රිතාන්‍ය කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරනු ලබන ගෝලීය ඇලුමි සම්මාන ප්‍රධානෝත්සවයේදී ශ්‍රී ලංකා සාගර ජීව විද්‍යාඥවරියක් වන අශා ඩී වොස් විසින් වෘත්තීය ජයග්‍රහණය උදෙසා වන සම්මානය දිනා ගෙන තිබෙනවා. සමුද්‍ර ක්ෂීරපායී පර්යේෂණ පිළිබඳ ශ්‍රී ලංකාවේ පළමු ආචාර උපාධිය හිමි තැනැත්තිය වන්නේද ඇයයි. 

එක්සත් රාජධානියේ ඇලුමි සම්මාන උළෙලේ විශිෂ්ට ජයග්‍රාහකයන් තිදෙනාගෙන් එක් ජයග්‍රාහිකාවක් ලෙස ආශා ඩී වෝස් නම් කර තිබෙනවා.

සාගර අධ්‍යාපනය සහ උතුරු ඉන්දියානු සාගරයේ නිල් තල්මසුන් පිලිබදව පර්යේෂණ පැවැත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික සාගර ජීව විද්යාඥවරියක් ලෙස ආශා ඩී වෝස් නමක් දිනා සිටිනවා.


ඇය විසින් නිල් තල්මසුන් සම්බනධයෙන් සිදුකල වාර්තාමය වැඩසටහන් අන්තර්ජාතිකව ඔස්ට්‍රේලියාවේ චැනල් 7, බීබීසී, නිව් යෝර්ක් ටයිම්ස්, සීඑන්එන්, WIRED UK, නිව් සයන්ටිස්ට්, TED, Grist, GOOD, Nature සහ National Geographic විසින් විකාශනය කර තිබෙනවා.