Sunday, May 12, 2024

General line - 0115112241

ආපදා මරණ 20 දක්වා ඉහළට: හෙට දිනයේත් වැසි සහිත කාලගුණික තත්ත්වයක්

දිනුක් හේවාවිතාරණ




ආපදා තත්වය හේතුවෙන් මරණ 20ක් වාර්තා වන අතර පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කර සිටිනවා. 

මේ වන විට දිවයිනේ දිස්ත්‍රික්ක 19 කට බලපා ඇති අයහපත් කාලගුණය හේතුවෙන් පවුල් 40,017 කට අයත් පුද්ගලයින්  153,712 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

පවුල් 14,265 කට අයත් පුද්ගලයින් 55,553 ක පිරිසක් අවතැන්ව සිටින අතර ඔවුන් ආරක්ෂිත ස්ථාන 265ක රඳවා සිටින බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.

මේ අතර හෙට (27) දිනයේද වැසි සහිත කාලගුණික තත්ත්වයක් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ.