Sunday, May 12, 2024

General line - 0115112241

තෙමස් වියැති බිළිදා බේරා ගත් නාවික හමුදා මෙහෙයුම (PHOTOS)

දිනුක් හේවාවිතාරණ




හලාවත පුරිච්චිකුලම් ප්‍රදේශයේදී ගංවතුරට කොටු වී සිටි තෙමස් වියැති බිළිදෙක් බේරා ගැනීමට නාවික හමුදාවේ ජීවිතාරක්ෂක කණ්ඩායමට හැකිව තිබෙනවා.

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් මේ වන විට හලාවත, බුත්තළු ඔය හා ඒ අවට ප්‍රදේශ රැසක් මේ වන විට ජලයෙන් යටවී තිබෙනවා. 

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව හලාවත, පුරිච්චිකුලම් ප්‍රදේශයේ නිවසක කොටුවී සිටි තෙමස් වියැති බිළිඳා සහ එම දරුවාගේ මව සහ පවුලේ අනෙක් සාමාජිකයින් ගේ දිවි බේරා ගෙන ආරක්‍ෂිත ස්ථානයකට රැගෙනවිත් තිබෙනවා.