Tuesday, December 24, 2024

General line - 0115112241

ජාඇල වේල්ල ආවදානමක - 800ක හමුදා බල ඇණියක් හදිසි අවස්ථාවකට සීරුවෙන්

මේනකා රත්නායක




තවදුරටත් වැසි ඇති වුවහොත් ජා ඇල වේල්ල අවදානමකට ලක්විය හැකි බවයි වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක මෙම මාධ්‍ය හමුවට එක්වෙමින් කියා සිටියේ. මේ හේතුවෙන් වැලි කොට්ට යොදා ඇති බවත් යම් හෙයකින් වේල්ල බිදී ගියහොත් උස්වැටකෙයියාව මෝය කට පුළුල් කොට ජලය බැස යැවීමට කටයුතු කරන බවයි අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

ජාඇල වේල්ල ආශ‍්‍රිතව කිසියම් හදිසි තත්වයක් ඇති වුවහොත් අවශ්‍ය කටයුතු සඳහා හමුදා සෙබළුන් 800ක් එම ප‍්‍රදේශයේ රඳවා සිටිනවා. ඒ පිළිබඳ  කරුණු දැක්වූ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් අධ්‍යක්‍ෂ බි‍්‍රගේඩියර් අතුල ආරියරත්න කියා සිටියේ අවශ්‍ය බෝට්ටු ස්ථානගත කර තිබෙන අතර යම් හෙයකින් හදිසි ආපදා තත්ත්වයක් ඇතිවුවහොත් අවට සිටින ජනතාව විමසිල්ලෙන් පසුවන්නැයි ද ඔහු මෙහිදී ඉල්ලා සිටියා.