ගලේවෙල ප්‍රදේශයේ පැවති හදිසි ආපදා පෙරහුරුවකට නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම විරෝධය පළ කිරීම සම්බන්ධයෙන් වාරිමාර්ග, ජල කළමනාකරණ හා ආපදා කළමනාකරණ අමාත්‍ය දුමින්ද දිසානායක අද (26) ප්‍රතිචාර දැක්වූවා. ඒ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පස්වරුවේ පැවැත්වූ මාධ්‍ය හමුවකදීයි.
පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා සෑම විටකදීම මහපාරේ යම් සිදුවීමක් දුටු විට ඔහු ඒ ගැන සොයා බලන බවත් ඊයේ (25) දිනයේදීත් පෙරහුරුව අතර වාරයේදී තෙවරප්පෙරුම අමාත්‍යවරයා සිදුකලේ එය බවත්, යම් හෙයකින් එම අවස්ථාවෙදි අමාත්‍යවරයා අපහසුතාවයට ලක්වුවා නම් ඒ පිලිබදව සමාව අයදින බව පැවසූ දුමින්ද දිසානායක ඇමතිවරයා මින් ඉදිරියේදී සිදුකරන පෙරහුරු සම්බන්ධයෙන් අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම දැනුවත් කිරීමට කටයුතු කරන ලබන බවට පවසා සිටියා. මෙවැනි පෙරහුරු පවත්වන්නේ හදිසි අවස්ථාවක ක්‍රියා කලයුතු ආකාරය ගැන දැනුවත් කිරීම විනා හුදෙක් මාධ්‍ය සංදර්ශන පැවැත්වීමට නොවන බවටද මෙහිදී ආපදා කළමණාකරන ඇමතිවරයා අවධාරණය කර සිටියා.
නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම එල්ල කළ තවත් චෝදනා කිහිපයකට ද අමාත්‍ය දුමින්ද දිසානායක මෙහිදී පිළිතුරු ලබාදුන්නා. මෙහිදී අමාත්‍යවරයා කළුතර දිස්ත්‍රික්කය පිලිබදව සදහන් කළා. තමන් ඇතුළු පිරිස කළුතර ආපදා තත්ත්වය විමසා බැලීමට ගිය බවත් ඒ අවස්ථාවේදී පාලිත තෙවරප්පෙරුම අමාත්‍යවරයා එහි නොසිටි බව කියා සිටියා.