නොරොච්චෝලේ තාප බලාගාරයේ ජනන යන්ත්‍ර 03න් දෙකක් අක්‍රීය කර තිබෙනවා. ඒ, පිළිබඳ කරුණු දැක්වූ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ සංවර්ධන අධ්යක්ෂ සුලක්ෂණ ජයවර්ධන කියා සිටියේ අලුත්වැඩියා කටයුතු හේතුවෙන් නොරච්චෝලේ තාපවිදුලි බලාගාරයේ 2 වන 3 වන ජනන යන්ත්‍ර අක්‍රිය කර ඇති බවයි. ජලවිදුලි නිෂ්පාදනය වැඩිවී තිබෙන නිසා පවතින අඩු විදුලි ඉල්ලුම හේතුවෙන් මේ හරහා ගැටලුවක් පැන නොනගින බවද ඔහු මෙහිදී කියා සිටියා.