Tuesday, December 24, 2024

General line - 0115112241

දරුවෙකු අපයෝජනය කලායැයි පොලිස් නිලධාරියෙක්ට චෝදනා : අධිකරණය දුන් නියෝගය මෙන්න

උපාලි ආනන්ද - අනුරාධපුරය





මුලතිව් සහකාර පොලිස් අධිකාරීවරයාට, වැලිඔය පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ අනුරාධපුර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යංශයේ ස්ථානාධිපතිනියට මෙම මස 28 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් මනෝජ් ප‍්‍රභාකරන් අද (26) නියෝග කළා. ඒ, වැලිඔය පොලිස් අත්අඩංගුවේ සිටි 12 හැවිරිදි පිරිමි දරුවෙකු රාත‍්‍රී කාලයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් බරපතල ලෙස අපයෝජනය කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණු දැක්වීමටයි. 

කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත් අධිකරණයේ පරිවාස නිලධාරීවරයා අධිකරණයට කළ කරුණු දැක්වීමක් සැලකිල්ලට ගෙන කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළා. තහඩු සොරකම් කිරීමේ චෝදනාවකට පසුගිය 08 වනදා එම පිරිමි දරුවා අත්අඩංගුවට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.