Tuesday, December 24, 2024

General line - 0115112241

ආපදා තත්ත්වය සොයා බැලීමට ජනපති හලාවත යයි (PHOTOS)




අධික වැසි තත්ත්වයත් සමග සිදුවූ ජල ගැලීම්වලින් විපතට පත්වූවන්ගේ සහන කටයුතු පිළිබද සොයා බැලීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මහතා අද (26) පස්වරුවේ හලාවත ප්‍රදේශයේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

ජල ගැලීම හේතුවෙන් ගිලා බැසීමට ලක්වූ මැදගොඩ පාලම ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් වූ අතර ඉන් අනතුරුව ප්‍රදේශයේ අවතැන්වූ ජනතාව රදවා සිටින නාත්තණ්ඩිය ශ්‍රී පුෂ්පාරාම විහාරස්ථානය වෙත ද ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ අඩු පාඩු පිළිබද සොයා බලන ලදියි. 

මේ අතර මහවැව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී ප්‍රදේශයේ දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් හමුවූ ජනාධිපතිතුමා එම ජනතාව වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ පිළිබදව සොයා බලන ලදියි.