Tuesday, December 24, 2024

General line - 0115112241

අල්ලස් නීති අලුත් කරයි

ටී.කේ. මහින්ද




අල්ලස සම්බන්ධයෙන් වන නීති ඉදිරියේ දී සංශෝධනය කරන බවත් ඊට රාජ්‍ය නිලධාරීන්ගේ මෙන්ම සෙසු මහ ජනතාවගේ ද අදහස් සැලකිල්ලට ගන්නා බවත් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම පවසනවා.

එහි සභාපති, ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මේ බව කියා සිටියේ මාතර ඊයේ (26) පැවති වැඩමුළුවකින් අනතුරුවයි.

අල්ලස හා දූෂණය නිවාරණය පිළිබඳ මාතර දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් සහ සිවිල් ක‍්‍රියාකාරකයින් දැනුවත් කිරීම සඳහා මෙම වැඩමුළුව පැවැත්වුණා.