Tuesday, December 24, 2024

General line - 0115112241

කාළගුණික විපර්යාස නිසා ලංකාවට හිමි තැන

සමන්ත කුමාර/ දිල්ෂාන් තුෂාර




වර්ධනය වෙමින් ඇති ආපදා තත්වයන් අවම කර ගැනීමට අවශ්‍ය ප‍්‍රතිපත්තිමය තීරණ ගැනීමට පාලකයින් තවමත් අපොහොසත් වී ඇති බව පරිසර සංරක්ෂණ භාරය පවසනවා.

එහි අධ්‍යක්‍ෂ, පරිසරවේදී සජීව චාමිකර පෙන්වා දුන්නේ ආණ්ඩුව සිය අවශ්‍යතා පරිදි සංවර්ධන ව්‍යාපෘති ක‍්‍රියාත්මක කිරීම සඳහා පවතින නීති රීති පවා වෙනස් කරමින් කටයුතු කරන බවයි. 

ජල පෝෂක ප‍්‍රදේශ සුරක්ෂිත කිරීම, ඉඩම් භාවිත ප‍්‍රතිපත්තියක් සකස් කිරීම වැනි තීරණ නොගතහොත් ඉදිරියේදී ස්වභාවික ආපදා තවත් වැඩි විය හැකි බවයි පරිසරවේදී සජීව චාමිකර වැඩිදුරටත් පෙන්වා දුන්නේ.  

මේ අතර ශ‍්‍රී ලංකාව ගෝලීය ආපදා දර්ශකය අනුව හතරවන ස්ථානය දක්වා පහත වැටී තිබෙනවා. මීට පෙර ශ‍්‍රී ලංකාව එම දර්ශකයේ 98 වන ස්ථානයේ පසු වුණා.