දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්වයේ අද සිට තාවකාලික අඩුවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ පිළිබඳ කරුණු දැක්වූ කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ මලිත් ප‍්‍රනාන්දු පෙන්වා දුන්නේ කෙසේවෙතත් දිවයිනේ බස්නාහිර, දකුණ, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.
දිවයින වටා වන මුහුදු ප‍්‍රදේශවල කාලගුණ තත්ත්වය පිළිබඳව ද කාලගුණ විද්‍යාඥ මලිත් ප‍්‍රනාන්දු කරුණු දැක්වූවා.
එහිදී සඳහන් කෙරුණේ දිවයිනට බස්නාහිර, දකුණු සහ ගිනිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීම තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවයි. එමෙන්ම පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට යන මුහුදු ප්‍රදේශවල අද දිනයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවද පෙන්වා දුන්නා.
දිස්ත‍්‍රික්ක 05කට නිකුත් කෙරුණු නායයාම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් ක‍්‍රියාත්මක බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. ඒ පිළිබඳ කරුණු දැක්වූ එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ගාමිණී ජයතිස්ස සඳහන් කළේ රත්නපුර, කළුතර, කෑගල්ල, නුවරඑළිය, ගාල්ල යන දිස්ත්‍රික්කවල හඳුනාගත් ප්‍රදේශ කිහිපයක් සඳහා මෙම රතු නිවේදන නිකුත් කර ඇති බවයි.