ආණ්ඩුවේ සිටින ශ‍්‍රිලනිප මන්ත‍්‍රීවරුන්ගෙන් තවත් 10 දෙනෙකු පමණ ඉදිරියේ දී විපක්ෂයට එක්වන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී එස්. බී. දිසානායක පවසනවා. මාතර දී ඊයේ (26) පැවැත්වූ සම්මන්ත‍්‍රණයකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.
ඉදිරි ජනාධිපතිවරණයේදී තම කණ්ඩායම සහය පළ කරන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නම් කරන අපේක්ෂකයාට බවද එම සම්මන්ත‍්‍රණයට එක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන පැවසුවා.