නොර්වුඩ් පොලිස් වසමට අයත් නොර්වුඩ් වතු යායේ ඉහල කොටසේ තණබිමක ඝාතනය කර තිබු දිවියෙකුගේ සිරුරක් නොර්වුඩ් පොලිසිය විසින් ඊයේ (26) පස්වරුවේ සොයාගෙන තිබෙනවා.
උගුලකට හසු වි මියගොස් සිටි මෙම දිවියා අඩි 4ක් පමණ දිගකින් හා අඩි 2ක් පමණ උසකින් යුක්ත අවුරුදු 4ක පමණ වයස ඇති ගැහැණු සතෙකු බවයි නල්ලතන්නිය වනජිවි කාර්යාලයේ නිලධාරින් කියා සිටියේ.
තේ වතු ආශ්රිතව සැරිසරන ශ්රී ලංකාවට පමණක් ආවේනික වු මෙම දිවි විශේෂය ශ්රී ලංකා කොටියා යනුවෙන් ද හදුන්වනු ලබනවා.
නොර්වුඩ් වතු යායේ මුරකරු විසින් මිය ගොස් සිටි දිවියාගේ සිරුර දැක එ් පිළිබඳව නොර්වුඩ් පොලිසියට දැනුම් දී තිබුණා.
වනජීවි නිලධාරීන් සඳහන් කළේ දිවියා උගුලට හසුවීමෙන් පසු ඔළුවට පහර දි මරා දමා දිවියාගේ දත් සහ නියපොතු ගලවා සිරුර අසළ ස්ථානයකට ගෙනවිත් දමන්නට ඇති බවයි.
දිවියා ඝාතනය කල සැකකරුවන් සොයා පොලිසිය මෙහෙයුමක් ආරම්භ කර තිබෙනවා.