සිය ජනාධිපති අපේක්ෂකයා නම් කිරීමේ අයිතිය ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම පාවිච්චි කරන්නේ කෙසේදැයි ගැටළු මතුවන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී රමේෂ් පතිරණ පවසනවා.
16 කණ්ඩායම සමග දේශපාලනය කිරීමේ දී ඔවුන්ගේ අරමුණු පැහැදිලිව හඳුනාගත යුතු බවයි මන්ත‍්‍රීවරයා කියා සිටියේ.
එහිදී වැඩි දුරටත් සඳහන් කළේ "ඕන කෙනෙක් එක්ක එකතු වෙලා ආණ්ඩුව පරාජයට පත් කරන්න ඕනේ කියන පොදු ස්ථාවරයේ අපි සෑම කෙනෙක්ම ඉන්නවා.. ඉන් එහාට ගිහිල්ලා.. අපි අතරේ කල්ලි කණ්ඩායම් හදලා..විවිධ ප්‍රශ්න ඇති කරලා..මේ අරගලය දියකර හරින්නට ඔවුන් විසින් විවිධ ක්‍රියාදාමයන් කරනවාද කියලා සැකයකුත් මතු වෙනවා. මොකද ඔවුන් අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා නම් කරන්න තරම් දුරදිග ගිහිල්ලා. එක්කෙනෙක් කියනවා මෛත්‍රිපාල සිරිසේන කියලා. තවත් පුද්ගලයෙක් කියනවා ගෝඨාභය රාජපක්ෂ කියලා..සමහරු චමල් රාජපක්ෂ කියනවා. ඊයේ පෙරේදා එළියට බැහැලා පරාජය නිසා මේ පැත්තට එකතු වෙච්ච අයට අපිට තියෙන අයිතිය පාවිච්චි කරන්නේ කොහොමද කියලා අපි තුළ සැකයක් තියෙනවා." යනුවෙනි.