Wednesday, May 1, 2024

General line - 0115112241

කටුනායකදී බවුසරයක් ගුවන් යානයේ ගැටීමෙන් සිදු වූ අනතුරේ හානිය තවම තක්සේරු කර නැහැ (UPDATE)

ටී.කේ.ජී කපිල




කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක වතුර රැගෙන පැමිණි බවුසරයක් ගැටීමෙන් සිදු වූ හානිය පිළිබඳව මෙතෙක් නිශ්චිත තක්සේරුවක් සිදු කර නොමැති බවයි ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ මාධ්‍ය කළමණාකරු දීපාල් පෙරේරා nethnews.lk වෙත සඳහන් කළේ.

එම යානයට වතුර රැගෙන පැමිණි බවුසරයක් එම යානයේ පිටුපස කොටසේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබුණා.

 

----------------------------------

කටුනායකදී ගුවන් යානයක බවුසරයක් ගැටෙයි

(27-05-2018 13:09)

 

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ තුළ නවතා තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යානයක වතුර රැගෙන පැමිණි බවුසරයක් ගැටී තිබෙනවා.

මෙම යානය A-320 එයා බස් වර්ගයට අයත් ශ්‍රී ලන්කන් ගුවන් සේවය සතු ගුවන් යානයක්. එම යානය ලාහෝර් සිට ගුවන් ගමන නිමවා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

පසුව එම යානයට වතුර රැගෙන පැමිණි බවුසරයක් එම යානයේ පිටුපස කොටසේ ගැටී ඇති අතර, එමගින් රුපියල් කෝටි එකහමාරක පමණ අලාභයක් සිදුවන්නට ඇතැයි සැක කරන බවයි ගුවන් තොටුපොළ ප්‍රකාශකයෙකු පැවසුවා. 

මේ වන විට මෙම බවුසරය පැදවූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ රියදුරාගේ වැඩ තහනම් කර ඇති අතර අනතුරට හේතුව සොයා පරීක්ෂණ ක්‍රියාත්මකයි.