Wednesday, May 1, 2024

General line - 0115112241

කොළඹ කුණුවලින් දස ලක්ෂ 300ක ආදායමක්

සමන්ත කුමාර




පසුගිය මාස 06 තුළ දී කොළඹ නගරයේ ඇතුළු අනෙකුත් නරගවල කසලවලින් රුපියල් දස ලක්ෂ 300ක ධනයක් උත්පාදනය කර ඇති බව මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චමිපික රණවක පවසනවා. කොම්ෆෝස්ට් පොහොර සහ ප‍්‍රතිචක‍්‍රීකරණ ද්‍රව්‍ය මඟින් එම ආදායම උපයා ඇති බවයි මොරටුව කටුබැද්ද ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍යවරයා කියා සිටියේ. 

ඉදිරියේදී කොළඹ නගරයේ එකතුවන දිරායන කසල වරාය නගරය තුළ ඉදිවන උද්‍යානය ගොඩනැගීමට යොදා ගන්නා බවද අමාත්‍ය පාඨලී චම්පික රණවක පැවසුවා.