Saturday, May 11, 2024

General line - 0115112241

සෞඛ්‍ය අමාත්‍යවරයා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට පත්වෙයි




ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජ්‍ය සභාපති ධූරයට සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න අද (28) නිතරගයෙන් තේරී පත්වී තිබෙනවා.  ඒ වසරක කාලයක් සදහායි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අද පැවැති 143 වන විධායක මණ්ඩල රැස්වීමේ දී සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම තනතුරට තේරී පත්ව තිබෙනවා. සභාපති ධූරය සදහා පත් වූයේ බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යවරයායි.

සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න එහි විධායක මණ්ඩල සාමාජිකයෙකු ද වනවා.