Saturday, May 18, 2024

General line - 0115112241

"අද දුම්වැටි අලෙවි කරන්න එපා"

චිරාන් ජීවන්ත ධර්මසේන/දිල්ශාන් තුෂාර




ලෝක දුම්වැටි විරෝධි දිනය අදට (31) යෙදී තිබෙනවා.

දුම්වැටියට හුරුවී සිටින තැනැත්තන්ට දුම්වැටිය අතහැරීමට අද හොඳම දිනය බවයි ඒ පිළිබඳ අදහස් දක්වමින් ඇඩික් ආයතනයේ, අධ්‍යක්‍ෂ - මානව සංවර්ධන, සම්පත් ද සේරම් පැවසුවේ. 

ලෝක දුම්වැටි විරෝධි දිනය යෙදෙන අද දුම්වැටි අලෙවියෙන් වළකින ලෙස සියලූ අලෙවිකරුවන්ගෙන් ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. 

දුම්වැටි වෙනුවෙන් ශ‍්‍රී ලාංකිකයින් දිනකට වැය කරන මුදල් රුපියල් ලක්ෂ 3800ක් පමණ බවද ඒ අනුව දුම්වැටි භාවිතයෙන් ඉවත් වුවහොත් රුපියල් ලක්ෂ 3800ක් දිනපතා ඉතිරි කර ගැනීමට ශ‍්‍රී ලංකාවට හැකිවන බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.